ඔබගේ ස්ථානය, දිනය සහ වේලාව තෝරා ගණනය කරන්න / Select your location, date and time
පක්ෂියා තෝරා එහි වර්තමාන මහා, සූක්ෂම සහ අති සූක්ෂම අවස්ථා බලන්න / Choose a bird and view its current Maha, Sukshma and Ati Sukshma stagesපංච පක්ෂි වර්තමාන අවස්ථාව / Panch Pakshi Current Status
යාමය, සූක්ෂමය සහ අති සූක්ෂම මට්ටම් විවර කර බලන්න / View Yama, Sukshma and Ati Sukshma levelsඅද දවසේ සම්පූර්ණ පක්ෂි වගුව / Full Pakshi Chart for Today
පංච පක්ෂි (Pancha Pakshi) ශාස්ත්‍රය.
පූජ්‍ය ඍෂිවරුන් විසින් ඉදිරිපත් කරන ලද ප්රබලතම සහ නිවැරදිම ජ්‍යොතිෂ අංගයක් ලෙස පංච පක්ෂි ශාස්ත්‍රය හැඳින්විය හැක. විශ්වයේ පවතින පංච මහා භූත ශක්තිය (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ) මිනිස් සිරුරට සහ චිත්ත වේගයන්ට බලපාන ආකාරය පදනම් කරගෙන මෙම ශාස්ත්‍රය ගොඩනඟා ඇත. යම් පුද්ගලයෙකු උපදින මොහොතේ පවතින නැකත අනුව හෝ පුද්ගල නම අනුව ඔහුගේල හෝ ඇයගේ ජීවිතයට සහ දෛනික ක්‍රියාකාරකම්වලට බලපෑම් කරන ප්‍රධාන “පක්ෂියා” (කුරුල්ලා) තීරණය වේ.
ඔබගේ දෛනික කටයුතු, විශේෂ සම්මුඛ පරීක්ෂණ, ව්‍යාපාරික ගිවිසුම් අත්සන් කිරීම්, ලොතරැයි පත් මිලදී ගැනීම්, සුබ වැඩ ආරම්භ කිරීම් සහ ගමනක් බිමනක් යාම වැනි ඕනෑම කටයුත්තක් සාර්ථක කරගැනීමට පංච පක්ෂි අවස්ථාවන් නිවැරදිව භාවිත කිරීමෙන් පුදුම සහගත ප්‍රතිඵල ලබාගත හැක.
පංච පක්ෂීන් සහ උපන් නැකත්
ජ්‍යොතිෂයට අනුව ප්‍රධාන පක්ෂීන් පස්දෙනෙකි. ඔබ උපන් නැකත අනුව ඔබට හිමි පක්ෂියා වෙනස් වේ:
- භේරුන්ඩ : අස්විද, බෙරණ, කැති, රෝහිණී, මුවසිරස
- පිංඟල : අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල්
- කාක : උත්තරපල්, හත, සිත, සා, විසා
- කුක්කුට : අනූර, දෙට, මුල, පුවසල, උත්තරසල,සුවණ
- මයූර : දෙනට, සියාවස, පුවපුටුප, උත්තරපුටුප, රේවතී
නමුත් වඩාත් සාර්ථක වන්නෙ තමාගෙ නමට ගැලපෙන පක්ෂීයා තොරා ගැනීමයි. උදාහරණයකට ඔබගේ නම සජිත් නම් ස+හ ශබ්දයෙන් ඔබගේ ස්වරය අ ය එනම් පක්ෂියා භේරුණ්ඩ වේ. තවත් අයෙකුගෙ නම විදර්ශණී නම් නම් වි+ඊ ශබ්දයට ඊ ස්වරය වේ එනම් පක්ෂියා කුක්කුටයි.
පක්ෂියාගේ ප්‍රධාන අවස්ථා 5 (Pancha Pakshi Phases)
දවසක් (පැය 24 ක්) ප්‍රධාන වශයෙන් දවාල යාම 5 කට සහ රාත්‍රී යාම 5 කට පුර සහ අව පක්ෂ වලට බෙදෙන අතර, ඒ ඒ කාල පරාසයන් තුළ පක්ෂියා ප්‍රධාන අවස්ථා 5 ක පසුවේ. එම අවස්ථාවන්හි ශක්ති මට්ටම් පහත පරිදිය:
- රජ (Raja Phase) – 100% බලවත්: පක්ෂියා පූර්ණ රාජකීය බලයෙන් සිටින අවස්ථාවයි. යම් වැඩක් ආරම්භ කිරීමට, නඩුවලට ඉදිරිපත් වීමට, ව්‍යාපාරික ගිවිසුම්වලට එළඹීමට සහ ජයග්‍රහණ ලබාගැනීමට හොඳම කාලයයි.
- භෝජන (Bhojana Phase) – 80% බලවත්: පක්ෂියා ආහාර ගනිමින් සිටින සුබ අවස්ථාවයි. මුදල් ගනුදෙනු කිරීමට, නව රැකියා භාරගැනීමට, ණය ලබාගැනීමට සහ සුබ කටයුතු සඳහා ඉතා සුදුසු වේ.
- ගමන (Gamana Phase) – 50% මධ්‍යස්ථ: පක්ෂියා ගමන් බිමන්වල යෙදෙන අවස්ථාවයි. කෙටි ගමන් බිමන්, ස්ථාන මාරුවීම් සහ සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු සඳහා යෝග්‍ය වේ.
- නිද්‍රා (Nidra Phase) – 20% අබලවත්: පක්ෂියා නිදාගන්නා අවස්ථාවයි. මෙම කාලය තුළ මොළයේ ක්‍රියාකාරීත්වය සහ උද්යෝගය අඩු වන බැවින් වැදගත් තීරණ ගැනීමෙන් සහ මුදල් ආයෝජනයෙන් වැළකී සිටීම සුදුසුය.
- මරණ (Marana Phase) – 0% අශුභයි: පක්ෂියා සම්පූර්ණයෙන්ම අක්‍රිය වන අශුභම කාලයයි. මෙම කාලය තුළ අලුත් වැඩ පටන් ගැනීම, රණ්ඩු සරුවල්වලට යාම, ගිවිසුම් අත්සන් කිරීම හෝ අවදානම් සහිත කටයුතු කිරීමෙන් විශාල පාඩු සහ පරාජයන් සිදුවිය හැක.
පංච පක්ෂි ශාස්ත්රයේ අනු අවස්ථා (Maha, Sukshma & Ati Sukshma)
පංච පක්ෂි ශාස්ත්‍රය වඩාත් ෂූක්ෂ්ම වන්නේ එහි ඇති අනු අවස්ථා නිසාවෙනි. යම් ප්‍රධාන අවස්ථාවේ (Maha Phase) පක්ෂියා “රජ” අවස්ථාවේ සිටියද, එම යාම ඇතුළත කුඩා කාල පරාසයන් (Sukshma සහ Ati Sukshma) තුළ පක්ෂියාගේ අනු අවස්ථාව “මරණ” විය හැක.
එබැවින්, ක්ෂණිකව සහ නිවැරදිව තත්පරයෙන් තත්පරයට වෙනස් වන පංච පක්ෂි තත්ත්වය බලාගැනීමට ඉහත දක්වා ඇති අපගේ Online Pancha Pakshi Calculator එක භාවිත කරන්න.
පංච පක්ෂි ශාස්ත්‍රය නිවැරදිව භාවිත කරන්නේ කෙසේද?
- නැකත සහ ස්ථානය තෝරන්න: ඔබ උපන් නැකත සහ ඔබ දැනට සිටින නගරය/ස්ථානය (Location) තෝරන්න.
- අද දවසේ තත්ත්වය පරීක්ෂා කරන්න: Tool එක මඟින් ඔබගේ පක්ෂියාගේ වර්තමාන අවස්ථාව (Maha, Sukshma, Ati Sukshma) පෙන්වනු ඇත.
- රජ සහ භෝජන වේලාවන් තෝරාගන්න: ඔබගේ වැදගත්ම වැඩ කටයුතු සඳහා “රජ-රජ”, “රජ-භෝජන” හෝ “භෝජන-රජ” වැනි උපරිම ශක්තියක් ඇති වේලාවන් තෝරාගන්න.
- මරණ සහ නිද්‍රා වේලාවන් මඟහැර සිටින්න: අශුභ අවස්ථාවලදී සන්සුන්ව සිටින්න.
නිතර අසන ප්‍රශ්න (FAQ)
රාහු කාලය යනු සෑම කෙනෙකුටම එක ලෙස බලපාන පොදු අශුභ කාලයකි. නමුත් පංච පක්ෂි ශාස්ත්‍රය යනු ඔබගේ උපන් නැකතට සහ චන්ද්‍ර මාසයට අනුව ඔබට පමණක් වෙනස් වන පෞද්ගලික (Personalized) කාල පරාසයන්ය.
පංච පක්ෂි ශාස්ත්රයේ රජ අවස්ථාව රාහු කාලයට වඩා ප්‍රබල ලෙස සැලකේ. නමුත් උපරිම සුබ ප්‍රතිඵල සඳහා රාහු කාලයත් මඟහැර පක්ෂියා රජ වන වේලාව තෝරාගැනීම වඩාත් උචිත වේ.