ඔබගේ ස්ථානය, දිනය සහ වේලාව තෝරා ගණනය කරන්න / Select your location, date and time
ලග්න කේන්දරය (D1) / Lagna Chart (D1)
නවාංශක කේන්දරය (D9) / Navamsha Chart (D9)
D9 වඩාත් නිවැරදි කිරීමට උත්සහ කරත් නවාංශක කේන්ද්‍ර සටහනේ ඇතැම් වෙලාවට ග්‍රහයන් ගේ සහ D9 හි ස්ථාන වෙනස් විය හැක. අප මෙය වඩාත් නිරවද්‍ය ලෙස වැඩිදියුනු කරමින් සිටින්නෙමු මෙය වර්තමාන තත්කාලය දැනගැනීමටක පමණක් සුදුසුයි.
නක්ෂත්ර / Nakshatra ගණ / Gana යෝනි / Yoni වෘක්ෂ / Vriksha ලීංග / Linga නාඩි / Nadi පක්ෂි / Pakshi ගෝත්‍ර / Gothra වර්ණ / Varna රජ්ජු / Rajju භූත / Bhuta
Real-time තත්කාල කේන්දරය සහ නවාංශක සටහන (Thathkala Kundali & Navamsha Chart)
ජ්‍යොතිෂයේදී යම් විශේෂ සිදුවීමක්, ප්‍රශ්නයක් හෝ සිතුවිල්ලක් ජනිත වන මොහොතේ පවතින ග්‍රහ පිහිටීම පදනම් කරගෙන සාදන කේන්දරය තත්කාල කේන්දරය (Thathkala Kundali) ලෙස හැඳින්වේ. උපන් වේලාව නිවැරදිව නොදන්නා අයෙකුට යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබාගැනීමටත්, ක්ෂණික පලාපල විමසීමටත් තත්කාල ශාස්ත්‍රය අතිශයින්ම උපකාරී වේ.
අපගේ Thathkala Calculator එක මඟින් ඔබ සිටින ස්ථානයට සහ අදාළ වේලාවට සාපේක්ෂව ක්ෂණික තත්කාල ලග්න කේන්දරය (D1 Chart) සහ නවාංශක කේන්දරය (D9 Chart) තත්පර ගණනින් සකස් කර දෙයි.
තත්කාල කේන්දරයකින් බලාගත හැක්කේ මොනවාද?
- නැතිවූ හෝ අතුරුදහන් වූ දේපළ පිළිබඳ තොරතුරු: යම් භාණ්ඩයක් නැතිවූ මොහොතේ තත්කාල කේන්දරය සෑදීමෙන් එය නැවත හමුවේද නැද්ද යන්න ප්‍රකාශ කළ හැක.
- රෝගී තත්ත්වයන් සහ සෞඛ්‍යය: රෝගයක් වැළඳුණු මොහොතේ හෝ වෛද්‍යවරයකු හමුවීමට යන මොහොතේ තත්කාලය අනුව රෝග සුවවන කාලසීමාව තීරණය කළ හැක.
- ජයග්‍රහණ සහ තරඟකාරී කටයුතු: නීතිමය ගැටලුවකදී, නඩුවකදී හෝ තරඟයකදී තමන්ට හිමිවන ජයග්‍රහණය පිළිබඳව විමසීමට.
- ක්ෂණික තීරණ: හදිසි ව්‍යාපාරික ගිවිසුමක් හෝ ගමනක් සාර්ථක වේදැයි බැලීමට.
තත්කාල කේන්දරය පරීක්ෂා කරන්නේ කෙසේද?
- ස්ථානය (Location): ඔබ දැනට සිටින නගරය තෝරන්න නැතහොත් GPS Button එක Click කරන්න.
- වේලාව (Time): ඔබට ප්රශ්නය සිතට ආ මොහොතේ හෝ ප්රශ්නය විමසන නිවැරදි වේලාව ඇතුළත් කරන්න.
- ගණනය කරන්න:
Calculate / ගණනය කරන්නලබා දුන් පසු එදිනෙදා ග්‍රහයන් සිටින නිවැරදිම රාශි සහ අංශක අනුව D1 සහ D9 Chart සෑදෙනු ඇත.
ඔව්. ජ්‍යොතිෂවේදීන් විසින් උපන් වේලාව නොමැති අයගේ හදිසි ප්‍රශ්න සඳහා පලාපල ප්‍රකාශ කිරීමට ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ තත්කාල ශාස්ත්‍රයයි.
සාමාන්‍යයෙන් පැය 2 කට වරක් ලග්නය (D1) වෙනස් වන අතර, නවාංශකය (D9) මිනිත්තු 13-15 කට වරක් වෙනස් වේ.