ඔබගේ ස්ථානය, දිනය සහ වේලාව තෝරා ගණනය කරන්න / Select your location, date and time
නක්ෂත්‍ර / Nakshatra ගණ / Gana යෝනි / Yoni වෘක්ෂ / Vriksha ලීංග / Linga නාඩි / Nadi පක්ෂි / Pakshi ගෝත්‍ර / Gothra වර්ණ / Varna රජ්ජු / Rajju භූත / Bhuta
ලිතෙහි සඳහන් වාරය, මරු සහ සුබ දිශාව / Day, Maru direction & auspicious directionවාරය සහ දිනය / Weekday & Date
අද දින පංචාංග ලිත සහ ජ්‍යොතිෂ විස්තරය (Panchanga Litha Today)
ජ්‍යොතිෂ විද්‍යාවේ ප්‍රධානතම පදනම වන්නේ පංචාංගය (Panchangam) යි. “පංච” + “අංග” එනම් අංග පහකින් සමන්විත වන මෙය, දිනපතා විශ්වයේ පවතින ශක්තීන් සහ ග්‍රහ පිහිටීම් පිළිබඳ නිවැරදිම චිත්‍රයක් ලබා දෙයි. ඕනෑම සුබ කටයුත්තකට නැකත් සෑදීමේදී හෝ දෛනික කටයුතු සැලසුම් කිරීමේදී පංචාංගය පරීක්ෂා කිරීම අතිශයින්ම වැදගත් වේ.
අපගේ Real-time Panchanga System එක මඟින් ඔබ සිටින ස්ථානයේ ඉර උදාව සහ ඉර බැසීමට අදාළව එදිනෙදා පවතින පංචාංග කොටස් 5 සහ නැකතට අදාළ සියලුම ගැඹුරු ජ්‍යොතිෂ දත්ත ක්ෂණිකව ගණනය කර දෙයි.
පංචාංගයේ ප්‍රධාන අංග 5 (5 Key Elements of Panchanga)
- තිථිය (Tithi): චන්ද්‍රයා සහ සූර්යයා අතර පවතින කෝණික පරතරය අනුව තීරණය වේ. පූර්ව පක්ෂය (පුර) සහ අපර පක්ෂය (අව) ලෙස තිථි 30 ක් පවතී (උදා: පෑළවිය, දියවක, තියවක).
- නක්ෂත්‍රය / නැකත (Nakshatra): චන්ද්‍රයා ගමන් කරන නැකත් 27 න් එදිනට අදාළ නැකත සහ එම නැකත අවසන් වන නිවැරදි වේලාව පෙන්වයි.
- යෝගය (Yoga): සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ කේන්ද්‍රීය ගමන් මඟ පදනම් කරගෙන සාදනු ලබන යෝග 27 කි (උදා: ශෝභන, අතිගණ්ඩ).
- කරණය (Karana): තිථියකින් අඩක කාලසීමාව කරණයක් ලෙස හැඳින්වේ. තිථියකට කරණ 2 ක් බැගින් පවතී (උදා: බව, බාලව, කෞලව, ගරජ).
- වාරය (Vara): සතියේ අදාළ දිනය පාලනය කරන ග්‍රහයා අනුව වාරය තීරණය වේ (උදා: රවි වාරය, සඳු වාරය).
නැකත් පිළිබඳ අමතර ජ්‍යොතිෂ විස්තර (Nakshatra Details)
අපගේ පද්ධතිය මඟින් අදාළ දිනට පවතින නැකතේ ප්‍රධාන ජ්‍යොතිෂ ලක්ෂණද විග්‍රහ කර දෙයි:
- ගණ (Gana): දේව, මනුෂ්‍ය හෝ රාක්ෂස ගණ.
- යෝනි (Yoni): නැකතට හිමි සත්ව සංකේතය (පොරොන්දම් බැලීමේදී වැදගත් වේ).
- නාඩි (Nadi): වාත, පිත හෝ කප නාඩි තත්ත්වය.
- වෘක්ෂ සහ භූත (Vriksha & Bhuta): නැකතට අදාළ වෘක්ෂය (ගස) සහ පංච මහා භූත තත්ත්වය.
නිතර අසන ප්‍රශ්න (FAQ)
මුද්‍රිත ලිතක ඇත්තේ පොදුවේ කොළඹට සෑදූ වේලාවන්ය. නමුත් අපගේ පද්ධතිය මඟින් GPS තාක්ෂණය හරහා ඔබ සිටින නිවැරදිම නගරයට අදාළව තිථිය සහ නැකත ගෙවෙන exact වේලාවන් ගණනය කර දෙයි. ශුද්ධ කිරීම් අවශ්‍ය නැත.
යම් සුබ කටයුත්තක් සඳහා තෝරාගන්නා වේලාව තුළ තිථිය, නැකත, යෝගය, කරණය සහ වාරය යන අංග 5 ම අශුභ දෝෂ වලින් තොරව පැවැතීම පංචාංග ශුද්ධිය ලෙස හැඳින්වේ.